ඇමෙරිකාවේ කොවිඩ් මරණ 1918 සිදුවූ මරණ ඉක්මවයි


එක්සත් ජනපදයේ කොවිඩ්-19 හේතුවෙන් අද (20දා) වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව වර්ෂ 1918 දී ඇති වූ ඉන්ෆ්ලුවෙන්සා වසංගතය (ස්පාඤ්ඤ උණ) හේතුවෙන් සිදු වූ ඇස්තමේන්තුගත මරණ සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව, මරණ සංඛ්‍යාව 675,446ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට සමස්ත කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 42ක් ඉක්මවා ඇත.

රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන දත්ත අනුව, ඉන්ෆ්ලුවෙන්සා වසංගතය හේතුවෙන් ලොව පුරා මිලියන 50ක් වත් මිය ගොස් ඇති අතර, එක්සත් ජනපදයේ මරණ 675,000ක් පමණ වාර්තා වූ බව සැලකෙයි.



Recommended Articles